4U 9525 අනතුරේ අවසන් වීඩියෝවක්?
4U 9525 ජර්මන්වින්ග්ස් ගුවන් යානා අනතුරේ කිසියම් හෝ සාක්ෂියක් කිසිවෙකු අත පවතින්නේ නම් එය වහාම බලධාරීන් වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
යානය අනතුරට පත්වීමට මොහොතකට පෙර ගත් වීඩියෝවක් යැයි කියමින් ජර්මානු හා ප්‍රංශ මාධ්‍ය විසින් ප්‍රචාරය කළ වීඩියෝව පිළිබඳ අදහස් දක්වමින් බලධාරීන් මෙසේ පවසා ඇත.
මෙම අනතුර සිදුවූ අවසන් මොහොත දැක්වෙන ජංගම දුරකථනයකින් පටිගත කළ වීඩියෝවක් ඇති බව බිල්ඩ් හා පැරිස් මැච් යන දෙදෙනා පවසා තිබීමත් මෙම ඉල්ලීමට හේතු වී තිබේ.
එමෙන්ම, යානයේ සහාය නියමු ලුබිට්ස් මානසික ආතතියකින් පෙළුණු බව යානයේ සෙසු නිලධාරීන් දැන සිටියේද යන පැනයද මේ වනවිට නැගෙමින් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගම වෙත චෝදනා එල්ල වී තිබේ.
යානයේ නියමු කුටියේ පටිගත හඬට අනුව යානය සහාය නියමුවා විසින් එහි ගමන්ගත් පුද්ගලයන් 150 දෙනා සමග හිතාමතාම අනතුරට පත්කර ඇති බව විශ්වාස කෙරෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

