රුසියාව කේන්ද්‍ර කරගත් පරිගණක පරිශීලකයන් විසින් පසුගිය වසර දෙකක කාලය තුළ ෆේස්බුක් වෙත අප්ලෝඩ් කරනලද තොරතුරු ඇමෙරිකානුවන් මිලියන 126ක් නරඹා ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.
මෙම සමාජ ජාලය පෙන්වා දෙන්නේ 2016 ජනාධිපතිවරණයට පෙර සහ පසුව රුසියාවෙන් අප්ලෝඩ් කරනලද පෝස්ට් 80,000ක් පමණ පැවති බවයි.
මෙම පෝස්ට්වලින් වැඩි ප්‍රමාණයක් සමාජ හා දේශපාලන බෙදීම පිළිබඳ කියවුණු පෝස්ට් බවද ඔවුහු පෙන්වා දෙති.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රුසියාව යම් මැදිහත් වීමක් සිදුකළ බවට සිදුකෙරෙන පරීක්ෂණ අතරතුර ෆේස්බුක් සමාජජාලය මෙම තොරතුරු අනාවරණය කර තිබේ.