ලොව පුරා පරිගණක පද්ධති ඉල්කක කරමින් පසුගිය මාසයේදී එල්ල වූ වෝනක්රයි රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරය පසුපස උතුරු කොරියාව සිටින බව බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම සයිබර් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියටද බලපෑ අතර, තවත් ආයතනික පරිගණක පද්ධති රැසකට හානි ගෙනදෙනු ලැබීය.
ඒ අනුව, ජාත්‍යන්තර මට්ටමින් වෝනක්රයි වෛරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය මෙම නවතම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් අනුව මෙම හැකර් කණ්ඩායම ලසාරස් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අතර, ඇමෙරිකානු පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින්ද මෙම ලසාරස් හැකර් කණ්ඩායම පිළිබඳ මීට පෙර අනතුරු අඟවා තිබුණි.
2014 වසරේදී සෝනි පික්චර්ස් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමද මොවුන් බව විශ්වාස කෙරෙයි.