ඖෂධ එන්නත් කිරීමේදී එක්වරක් භාවිත කිරීමෙන් පසු භාවිතයෙන් ඉවත් කරන ස්මාට් සිරින්ජර් 2020 සිට අනිවාර්යයෙන් භාවිත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නැවත භාවිත කරන සිරින්ජර් හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් විවිධ රෝගාබාධවලට ගොදුරු වන බවත්, සෑම වසරකම ඒඩ්ස් හා හෙපටයිටිස් වැනි රෝග ආසාධනය වීමට ඒවා හේතුවී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම නව සිරින්ජර් තරමක් මිලෙන් අධික වුවත්, රෝග වැළඳීමෙන් පසු ඒවාට ප්‍රතිකාර කිරීමට වඩා අඩු පිරිවැයක් ඒ වෙනුවෙන් වැය වන බවද ඔවුන් පවසයි.
ලොව පුරා වාර්ෂිකව බිලියන 16ක පමණ සිරින්ජර් භාවිත කෙරෙයි. සාමාන්‍ය සිරින්ජර් වරක් නොව කිහිප වරක් භාවිත කළ හැකි වුවත්, ස්මාට් සිරින්ජර් භාවිත කළ හැකි වන්නේ එක් වරක් පමණි.