මෙම වසර තුළ ඇමෙරිකාව වෙත සෘජු ත්රස්ත ප්රහාරයක් එලල් කිරීමට IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් උත්සාහයක නිරත වන බව එරට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
සිරියාවේ සහ ඉරාකයේ සිට යුරෝපය වෙත පැමිණෙන සංක්රමණිකයන් අතර මෙම ප්රහාරකයන් පැමිණීම ඔවුන්ගේ සැලැස්මක් බවද බුද්ධි අංශ පවසයි.
ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් යුරෝපය වෙත තවත් ත්රස්ත ප්රහාර කිහිපයකට සැරසෙන අතර, ඇමෙරිකාව වෙත සෘජු ප්රහාරයක් සඳහාද උත්සාහයක නිරත වන බව එරට ආරක්ෂක බුද්ධි ඒජන්සියේ අධ්යක්ෂ ලුතිනන් ජෙනරාල් වින්සන්ට් ස්ටිවර්ට් පවසයි.
යුරෝපය වෙත වැළ නොකැඩී ගලා එන සංක්රමණිකයන් අතකොළුවක් බවට පත්කර ගෙන ඇති මෙම අන්තවාදීන් එම සිවිල් ජනතාව අතර සැඟවී පැමිණෙන බවද එම බුද්ධි නිලධාරීහු පවසති.