2004 සුනාමි ව්‍යසනයට සිදුවී දෙසැම්බර් 26 වැනිදාට දස වසරක් සම්පූර්ණ විය.
ලෝක ඉතිහාසයේ වඩාත් දරුණුතම ඛේදවාචකයක් බවට 2004 සුනාමි ව්‍යසනය, ඉන්දුනීසියාව ආශ්රිත මුහුදේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් එම කලාපයේ රටවල් 14කට වැඩි ප්‍රමාණයක මිනිස් ජීවිත 225,000කට වැඩි ප්‍රමාණයක් මුහුදට බිලිගත් උදම් රළක් ඇති කළේය.
සුනාමි ව්‍යසනයෙන් වඩාත් දරුණුතම ඛේදවාචකයට මුහුණදුන් රට ඉන්දුනීසියාව වන අතර, එරට පමණක් මිනිසුන් 175,000ක් යළි නොඑන ගමන් ගියහ.
එමෙන්ම, දකුණු ආසියානු කාලපයේ ශ්‍රී ලංකාව මෙන්ම තමිල්නාඩුවද උදම් රළ හමුවේ සිය රටවල මිනිස් ජීවිත දස දහස් ගණනින් අහිමි කර ගත්හ.
ඒ අමිහිරි හා අතිශය ශෝකී මතකය යළි දශකයකට පසු සිහිකළ අවස්ථාවේදී ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ බණ්ඩා අචේ නගරයේදී විශේෂ නිල සමරු සිහිවටනයක් විවෘත විය.
එදා සුනාමියෙන් බැටකෑ මිනිසුන්ගේ ඥාතී හිතමිත්‍රාදීන් මෙන්ම බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර, සෙසු රටවලද ඒ ආකාරයෙන්ම සුනාමියේ අඳුරු මතකය සිහිපත් කරමින් තමන්ගෙන් වියෝවූ ඒ සමීපතමයන් අනුස්මරණය කරන්නට වූහ.