කුමර බඹසර රැකීමෙන් ලෝක වාර්තාවකට සැරසෙන ස්වාමි
තමා කිසිදිනෙක කාන්තා හෝ අඹුසැමි ඇසුරක් නොපැවැත්වීම අවුරුදු 120දී පවා නිරෝගීව සිටීමට හේතුව බව ඉන්දීය ජාතික හින්දු පූජක ස්වාමි සිවානන්ද පවසයි.
1896 අගෝස්තු 08 වැනිදා උපත ලබා ඇති ස්වාමි සිවානන්ද බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරමින් සිය දින චරියාව ගෙවා ඇත.
විශේෂයෙන්ම ආහාර අනුභවයේදී කුළුබඩු භාවිතයෙන් වෙන්ව ඇති ඔහු, දිනපතා යෝග ව්‍යායාම්වලද නිරත වී ඇති බව කියැවෙයි.
ඒ අනුව, ස්වාමි සිවානන්ද විසින් දීර්ඝ කාලයක් කුමර බඹසර ආරක්ෂා කළ පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවකටද සැරසෙන අතර, මීට පෙර එම වාර්තාව තබා තිබුණේ අවුරුදු 116 දින 54ක් ජීවත්ව සිටි ජපාන ජාතික ජයිරෝමන් කුමුරා විසිනි.
මේ අතර, ඉන්දීය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ වයස සැබෑ වයස බව තහවුරු කර ඇත.
ඉන්දියාවේ වර්නාසි ප්‍රදේශය ජන්ම ප්‍රදේශය කරගත් සිවානන්ද, අතිශය දිළිඳු පවුලක ජීවත්ව ඇති අතර, පසුව හින්දු පූජක දිවිය තෝරාගෙන ඇත. ඉන් අනතුරුව නිරන්තර යෝග අභ්‍යාස හා බ්‍රහ්මචාරීත්වය පුරුදු කරමින් ඔහු ජීවත්ව ඇති අතර, ඔහුගේ සම්පූර්ණ ජීවිතය ඉතාම සරල හා සංයමයෙන් යුතු වූවක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

