18 වැනි සියවසට අයත් පවුම් මිලියන 2කට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්පාඤ්ඤ රත්තරන් කාසි තොගයක් සොයා ගැනීමට ඇමෙරිකානු නිදන් වස්තු ගවේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටී.
පසුගිය වසර 300ක කාලය පුරා එම රන් කාසි 350ක ප්රමාණය ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්ත වෙරළට ආසන්නව අත්ලාන්තික සාගර පතුලේ තැන්පත්ව තිබී ඇති බව ඔවුහු පවසති.
කියුබාවේ සිට ස්පාඤ්ඤය බලා ගමන් කරමින් තිබූ ස්පාඤ්ඤ නැව් 11ක බල ඇණියක් කුණාටුවකට හසු වී මුහුදුබත් වී ඇති අතර සොයා ගැනුණු මෙම කාසි ඉන් එක් නැවක තිබෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි