(UPDATE) පුද්ගලයන් 120 දෙනෙකු සමග අතුරුදන් වූ මියන්මාර හමුදා යානයේ සුන්බුන් සෝදිසි මෙහෙයුම්වලදී අන්දමන් මුහුද ආශ්‍රිතව හමුවී තිබේ.
මම යානයේ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ගමන් කරමින් සිට ඇති අතර, යානය ගුවන් සංඥාවලින් ගිලිහීමත් සමග ගුවන් යානා, හෙලිකොප්ටර් යානා මෙන්ම හමුදා යාත්‍රාවන්ද යොදා ගනිමින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.
මෙම යානය තුළ ගමන්ගත මගීන් සංඛ්‍යාව හමුදා සාමාජිකයන්ද ඇතුළුව 106ක් ලෙස රොයිටර් පුවත් සේවය පවසයි. ඒ අතර කුඩා දරුවන්ද 12කට අධික පිරිසක් සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි. එමෙන්ම, යානයේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුද එහි ගමන් කර ඇත.
යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වන අවස්ථාවේදී එය අඩි 18,000ක් ඉහළින් ගමන් කරමින් සිට ඇති අතර, මෙම කාලය මියන්මාරයට මෝසම් වැසි ඇද හැලෙමින් පැවති කාලයක් වුවද, යානය අතුරුදන් වන අවස්ථාවේදී අයහපත් කාලගුණයක් නොපැවති බවද කියැවෙයි.
මියන්මාර හමුදා ගුවන් යානයක් අතුරුදන්ව ඇති බවත්, යානයේ පුද්ගලයන් 120ක් පමණ ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මියන්මාරයේ දකුණුදිග මෙයික් සිට යැන්ගොන්ග් දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙසේ අතුරුදන්ව ඇති බවත් හමුදාව පවසයි.
යානය ගුවන්ගත වීමෙන් පසුව එහි සන්නිවේදනය හිටිහැටියේම ඇණහිට ඇති බවත්, ඒ වනවිට මියන්මාර වේලාවෙන් සවස 1.35 ට පමණ බවත් හමුදාව පවසයි.
යානයේ මගීන් 106ක් සහ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ගමන් කර ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත්, චීනයේ නිෂ්පාදිත හමුදා මගී ප්‍රවාහන යානයේ කොතරම් පිරිසක් ගමන් කළේද යන්න මියන්මාරය තහවුරු කර නොමැත.
සොදිසි මෙහෙයුම් සඳහා හමුදා ගුවන් යානා මෙන්ම හෙලිකොප්ටර් යානාද යොදාගෙන තිබේ.