10 හැවිරිදි දරුවා ප්රසූත කළ බිළිඳාගේ ඩී.එන්.ඒ. ගැලපෙයි
ඉන්දියාවේදී 10 හැවිරිදි ගැහැණු දරුවෙකු පසුගිය අගෝස්තු මාසයේදී දරුවෙකු බිහිකරනු ලැබුවේ සිය මාමා කෙනෙකුගේ ලිංගික හිංසනයක ප්රතිඵලයක් ලෙස බව එරට පොලීසිය අනාවරණය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ගැහැණු දරුවාගේ මාමාවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, දෙවනුවට ගනු ලැබූ මාමාගේ ඩී.එන්.ඒ. දරුවාගේ ඩී.එන්.ඒ. සමග ගැලපීමත් සමග මෙම බරපතල ලිංගික අපරාධය අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට පත්ව සිටින පළමු වැනි මාමා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
නමුත්, එම මාමාගේ ඩී.එන්.ඒ. නොගැලපීම නිසා දෙවැනි මාමා පිළිබඳ පොලීසිය සැකකරමින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුණි.
කෙසේ වෙතත්, මෙම නඩු විභාගය ඉදිරියේදී කැඳවන විට මීට සාධාරණයක් ඉටුවනු ඇති බව පොලීසිය විශ්වාස කරන අතර, දැනට අත්අඩංගුවේ පසුවන පළමු වැනි මාමාද දරුවාට ලිංගික අඩන්තේට්ටම් කර ඇති බව පොලීසිය විශ්වාස කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


