හොන්ඩුරාස් රූ රැජින ඝාතකයා ඇගේ පෙම්වතාද?
හොන්ඩුරාස් රූ රැජින හා ඇගේ නැගණිය ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරටින් වාර්තා වෙයි.
19 හැවිරිදි ජෝස් ඇල්වරාඩෝ නමැති හොන්ඩුරාස් රූ රැජින හා ඇගේ නැගණිය සතියකට වැඩි කාලයක් අතුරුදන් වී සිටීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබිණි.
ඇය ඉදිරියේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක රූ රැජින තරගයද නියෝජනය කිරීමට සූදාමින් සිටි තැනැත්තිය ලෙස සැලකෙයි.
ඇගේ පෙම්වතා යැයි කියන ප්ලුටර්කෝ රුයිස් හා ඇරිස් මැල්ඩෝන්ඩා නමැති පුද්ගලයන් දෙදෙනා මෙම මරණ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම තරුණියන් දෙදෙනාගේ සිරුරු අගුවාගුවා ගංගාව ආසන්නයේ කැබ්ලොටේල්ස් ගම්මානයේ තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබූ බව පැවසෙයි.
මෙම තරුණියන් දෙදෙනා අතුරුදන් වීමට පෙර අවසන් වරට ඔවුන් හමුවී ඇති පුද්ගලයන් දෙදෙනා ලෙස ඇගේ පෙම්වතා හා අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසන අතර, වැඩි දුරටත් ඔවුන්ගෙන් ප්රශ්න කරමින් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

