හොංකොං ගැටුම් උත්සන්න වේ - ප්‍රධාන විධායක බලය අත් නොහරී
දින පහක් පුරා හොංකොං නගරය සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය කරමින් පැවති දැවැන්ත විරෝධතාව තවදුරටත් දරුණු අතට හැරුණද, එරට ප්‍රධාන විධායක සී.වයි. ලියුන්ග් සිය ධුරයෙන් ඉවත් නොවන බව අවධාරණය කර තිබේ.
නමුත්, තම රජය විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව හෙතෙම පවසා සිටියේය.
මීට පෙර රජය ඉල්ලා සිටියේ විරෝධතා ව්‍යාපාරය නවතා සාමකාමී ලෙස විසිර යන ලෙසය. නගරය පුරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පැවති බැවින් රජය එවැනි ඉල්ලීමක් කර තිබුණි.
එහිදී, ශිෂ්‍ය සංවිධාන නායකයින් රජයට තර්ජනය කරමින් කියා තිබුනේ ලියුන්ග් සිය ධුරයෙන් ඉවත් නොවුනොත් රජයේ ගොඩනැගිලි වලට ඇතුළු වන බවය. ඒ අනුව, ඔවුන් රජයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් වට කළේය.
කෙසේ වෙතත්, රජයේ ගොඩනැගිලි වලට ඇතුල් වීම වැනි නීති විරෝධි ක්‍රියා වල නිරත වීමට විරෝධතා කරුවන්ට ඉඩ නොදෙන බව පොලීසිය පවසා තිබුණත්, තත්ත්වය උණුසුම් වන බව හොංකොං වෙතින් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

