හැරිසන් ෆෝඩ් ගුවන් අනතුරකට ලක්වෙයි
- 6 03 2015
- 23:14
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඇමෙරිකානු නළු හැරිසන් ෆෝඩ් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා ගුවන් යානා අනතුරකින් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
72 වැනි වියෙහි පසුවන හැරිසන් ෆෝඩ් ඉන්දියානා ජෝන්ස් සහ ස්ටාර් වෝස් යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය නළුවෙකි.
සිය සැහැල්ලු ගුවන් යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් යානය හදිසියේ ගොල්ෆ් ක්‍රීඩාංගණයකට ගොඩබෑමේදී එය අනතුරට පත්ව තිබේ.
අනතුරින් පසුව සහන කණ්ඩායම් වහාම එම ස්ථානයට ළඟා වී ඇති අතර, ඒ වනවිට ඔහුගේ තත්ත්වය බරපතල නොවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
