සෞදි මුස්ලිම් පල්ලියක ප්රහාරයක් - ජීවිත හානි
- 29 01 2016
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සෞදි අරාබියේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් හා වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.
සිකුරාදා දේවමෙහෙය අවස්ථාවේදී ඉමාම් රීඩා මුස්ලිම් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වැළැක්වීමේදී මෙම පිපිරීම් හා වෙඩි තැබීම් සිදුව තිබේ.
එහිදී, ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එක් බෝම්බකරුවෙකු නැවැත්වීමේදී ඔහු සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනිද්දී අනෙක් බෝම්බකරු වෙඩි තැබීමක් සිදුකර ඇත. එහිදී, ආරක්ෂක අංශවල වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
