සෝමාලියාව නත්තල් සැමරුම් තහනම් කරයි
- 23 12 2015
- 23:14
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සෝමාලියාව විසින් එරට තුළ සියලු නත්තල් උත්සව තහනම් කර ඇති අතර, මෙවැනි උත්සව එරට ඉස්ලාමීය විශ්වාසයන්ට අභියෝගයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
මෙවැනි උත්සව කිසිම ආකාරයකින් ඉස්ලාම් දහම සමග සැසඳෙන්නේ නැහැ යනුවෙන් එරට ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
එහිදී, නත්තල් උත්සවයක් වෙනුවෙන් සිදුකරන කවර ආකාරයක හෝ එකතු වීමක් වැළැක්වීමේ අරමුණින් ආරක්ෂක අංශ වෙත අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.
එහිදී, රට තුළ වෙසෙන විදේශිකයන්ට ඔවුන්ගේ නිවෙස් තුළ නත්තල සැමරිය හැකි වුවත්, ඒ සඳහා හෝටල් හෝ වෙනත් කිසිදු පොදු ස්ථානයක් භාවිත කිරීම තහනම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
