සිරියාවේ IS ඉලක්ක වෙත ප්‍රහාරයකින් 150ක් මරුට
සිරියාවේ ඩයර් අල් සෝර් පළාතේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ මර්මස්ථානයක් ඉලක්ක කරමින් ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ ප්‍රහාරක යානා එල්ල කරනලද ප්‍රබල ප්‍රහාරයකින් ත්රස්තයන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒකාබද්ධ සන්ධානය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය සෙනසුරාදා සැන්දෑවේ මෙම ප්‍රහාරය ගිණිකොණදිග ගංගා නිම්නයක් ආසන්නව එල්ල කළ බවයි.
බුද්ධි තොරතුරු වාර්තා මෙන්ම සිරියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල දත්ත වාර්තාවලට අනුව මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සෘජුවම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ද, නැත්නම් ඔවුන්ට සහාය දක්වන සටන් කණ්ඩායම්ද යන්න පිළිබඳ තහවුරු කිරීමක් සිදුකර නොමැත.
කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අමාඛ් තොරතුරු ජාලය පවසා තිබුණේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අතර, කාන්තාවන් හත් දෙනෙකු සිටින බවටද ඔවුන් චෝදනා නඟයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



