සිරියානු රසායනික අවි නිපදවීමට උතුරු කොරියාවෙන් උදව්ලු -UN
රසායනික අවි නිෂ්පාදනය කළ හැකි ආම්පන්න තොගයක් උතුරු කොරියාව විසින් සිරියාව වෙත යවා ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ වාර්තාවක් උපුටා දක්වමින් මෙම අනාවරණය සිදුකර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙතෙක් නිකුත් කර නොමැති මෙම එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ඇසිඩ්වලට ඔරොත්තු දෙන ටයිල්, වෑල් සහ පයිප තොගයක් මේ අතර වන බව සඳහන් වෙයි.
එමෙන්ම, උතුරු කොරියාවේ මිසයිල නිෂ්පාදන විශේෂඥයන් විසින් සිරියාවේ මෙම ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කර ඇති බවට තොරතුරු පවතින බවද එම වාර්තාවේ සඳහන් වන බව කියයි.
සිරියානු රජයේ හමුදා විසින් ක්ලෝරීන් ගෑස් භාවිත කරන බවට පළ වන චෝදනා සමග මේ පිළිබඳ පරීක්ෂණ සිදුව ඇති බව සඳහන් වෙයි. කෙසේ වෙතත් සිරියානු හමුදා මෙය තරයේ ප්‍රතික්ෂේප කරයි.
උතුරු කොරියාවද ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක රැසකට මුහුණදී සිටියි.
කෙසේ වෙතත්, මේ ආකාරයේම සමූල ඝාතක අවි පිළිබඳව එදා ඉරාකයේ සදාම් හුසේනට චෝදනා කරමින් ඉරාකය අරාජිය කිරීමට බටහිර බලවතුන් ක්‍රියා කළ අතර, ලිබියාවේ ගඩාෆිටද මෙවැනිම ඉරණමක් අත්කර දුනි.
කෙසේ වෙතත්, මේ රටවලින් හමුවූ සමූල ඝාතක අවියක් නොවූවත් තවමත් මෙකී රටවල් අරාජික තත්ත්වයකින් පවතින බව නම් සැබෑය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


