සිරියානු රජය හා විරුද්ධ පක්ෂ ජිනීවා සාකච්ඡාවලට
සිරියානු රජය හා විරුද්ධ කණ්ඩායම් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡා වසරකට පමණ පසුව ප්රථම වරට ජිනීවා හිදී ආරම්භ වීමට නියමිතය.
දෙපාර්ශ්වය සාකච්ඡා මේසයට කැඳවීම සඳහා සති කිහිපයක් පුරා ඉතා අසීරු සාකච්ඡා සහිත හමුවීම් කිහිපයක් පැවති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම සාම සාකච්ඡා සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරුවෙකු ලෙස ස්ටෆාන් ඩි මිස්ටූරා කටයුතු කරන අතර, මෙවර සාකච්ඡා බිඳ නොවැටෙනු ඇතිබව හෙතෙම විශ්වාස කරයි.
මෙම සාකච්ඡා මේසයේදී සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ඉරණම විරුද්ධ පක්ෂ විසින් විශේෂයෙන් මේ සාකච්ඡා සඳහා ගෙන ආ යුතු බව පැවසුවත්, රජයේ පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්රතික්ෂේප කර තිබේ.
සිරියාව තුළ සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා 300,000ක ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ම්ලේච්ඡත්වයද සමග අවතැන්ව ඇති පිරිස මිලියන 6.3කි. එමෙන්ම, තවත් මිලියන 4.8ක ජනතාවක් මේ වනවිට සිරියාව හැරගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

