සිරියානු භූමියේදී ඇමෙරිකාව සිරියාව හා රුසියාව හා ගැටේ
සිරියාව තුළ රුසියානු හා සිරියානු ප්‍රහාරක යානාවලින් බෝම්බ හෙලීම් ඇමෙරිකානු විශේෂ ගොඩිබිම් බලකායන් රැඳී සිටින උතුරුදිග කලාපය ආසන්නයේම සිදුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිරියාවට මෙන්ම රුසියාවට විවෘත අනතුරු ඇඟවීමක් සිදුකරන බවත් ඇමෙරිකාව කියයි.
ඉරාකයේ සහ රුසියාවේ ක්‍රියාත්මක ඇමෙරිකානු හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ස්ටෙෆන් ටවුන්සෙන්ට් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
"අප ඒ ස්ථානයේ රැඳී සිටින බව අප රුසියාවට කල්තියා දැනුම් දුන්නා. නමුත්, ඔවුන් කියන්නේ ඔවුන් ඔවුන් සිරියාවට දන්වා ප්‍රහාර දියත්කළ බවයි. නමුත්, මේ අවස්ථාවේදී අපට අවදානමක් කියා දැනුනොත් අපි ප්‍රතිචාර දැක්වීමට පසුබට වන්නේ නෑ" යනුවෙන් ලුතිනන් ජනරාල්වරයා පවසා ඇත්තේ බැග්ඩෑඩ් නුවර පිහිටි සිය මූලස්ථානයේ සිටය.
මීට දින කිහිපයකට පෙර සිරියානු ගුවන් හමුදාව ඇමෙරිකානු ගොඩබිම් හමුදාවට අභියෝගයක් වන බවට වූ පුවත සැලවීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ ප්‍රථම ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධරියා වන්නේ ටවුන්සෙන්ඩ් ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

