සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමට තාක්ෂණය
සියදිවි හානි කරගැනීමේ අවදානමක් ඇතැයි විශ්වාස කෙරෙන ගිණුම් හිමියන් හඳුනා ගැනීමට ෆේස් බුක් සමාගම විසින් කෘත්‍රිම තාක්ෂණික බුද්ධියක් යොදාගෙන තිබේ.
මෙහිදී, ෆේස්බුක් සමාගමේ අරමුණ වී ඇත්තේ යම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ කරන ප්‍රකාශ මෙන්ම ඊට ලැබෙන ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් විශේෂ ගණිතමය රීති පද්ධතියක් හරහා පරීක්ෂා කිරීම තුළින් සියදිවි හානිකර ගැනීමට ඉඩ ඇති පුද්ගලයන් හඳුනාගැනීමයි.
එවැනි පුද්ගලයන් හඳුනාගැනීමේ අනතුරුව මානුෂීය විමර්ෂණ කණ්ඩායමක් මගින් ඔවුන් සම්බන්ධ කරගෙන එම තත්ත්වයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත්, මෙම ගණිතමය රීති පද්ධතිය තවමත් ඇමෙරිකාවේ පමණක් පරීක්ෂා කර ඇති අතර, එය ඉදිරියේදී තවත් රටවලට ව්‍යාප්ත වනු ඇත. මෙවැනිම ගණිතමය රීති ක්‍රමයකින් ත්රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් හඳුනා ගැනීමට ෆේස්බුක් කටයුතු කරන බව මාර්ක් සකර්බර්ග් මෑතකදී පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

