සිම්බාබ්වේ නව ජනපති එමර්සන් දිවුරුම්දීම අද
සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාග්වා දිවුරුම්දීම අද (24දා) සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
වසර 37ක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේගෙන් පසුව එරට තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම නව ජනාධිපතිවරයා අතින් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී තිබේ.
හිටපු ජනපති මුගාබේ විසින් බලයෙන් පහ කිරීමෙන් පසුව රටින් පිටව ගිය එමර්සන් යළි දිවයිනට පැමිණියේ එරට හමුදාව විසින් රටේ පාලනය සියතට ගැනීමත් සමගිනි.
එහිදී, ජනතා නැගිටීම් හා තමන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංගය හමුවේ හිටපු ජනපති මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව ජනපති ලෙස එමර්සන් පත්කළ යුතු බව පාලක පක්ෂය වන සානු පී.එෆ් මතය විය.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ විපක්ෂය පවසන්නේ නව ජනාධිපතිවරයාද එරට දූෂිත දේශපාලනය සමග හැදී වැඩුණු අයෙකු බැවින් ඔහුගෙන් රටට සෙතක් වනු ඇති බව විශ්වාස කළ නොහැකි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


