ස්වීඩනයේ සුපිරි වෙළෙඳ සැලක පිහි ඇණුමක්
- 10 08 2015
- 22:22
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ස්වීඩනයේ, වෙස්ටෙරාස් හි සුපිරි වෙළෙඳ සැලක සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.
මියගිය පිරිස අතර, පුරුෂයෙක් මෙන්ම, ස්ත්රියක්ද සිටින අතර, මෙම ප්රහාරය සිදුකළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
