ස්විස් දුම්රිය ප්රහාරයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ස්විට්සර්ලන්ත දුම්රියක් වෙත එල්ල වූ ප්රහාරයෙන් තුවාල ලැබූ අයෙකු මෙන්ම, ප්රහාරකයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
27 හැවිරිදි ස්විට්සර්ලන්ත ජාතිකයෙකු මෙම ප්රහාරය එල්ල කර තිබූ අතර, ඔහු මුලින් ගිනි ඇවිලෙන දියරයක් දුම්රිය වෙත එල්ල කර ක්ෂණිකව එම දුම්රිය මැදිරිය තුළ ගින්නක් ඇති කර, පසුව ඔහු අත වූ පිහියෙන් අසල සිටි අයට පහරදී ඇති බව පොලීසිය පවසයි.
එහිදී, ගින්නට පිළිස්සීමෙන් මෙන්ම, පිහි ප්රහාරවලට ලක්වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර, ඒ අතරින් 34 හැවිරිදි කාන්තාවක් පසුව මියගොස් තිබුණි. එමෙන්ම තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 6ක දරුවෙකුද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම, මෙම ප්රහාරය එල්ල කළ ප්රහාරකයාද රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය කුමන පදනමින් එල්ල කරන ලද ප්රහාරයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති වුවත්, ඒ පසුපස ත්රස්තවාදී හස්තයක් ක්රියාත්මක වූයේද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

