ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධව මාධ්‍යයේ හැසිරීම විවේචනයට
බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධය ඉන්දියාවේ ඇතැම් මාධ්‍යවල හැසිරීම විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම බොලිවුඩ් සුපිරි තරුව ඩුබායි හි හෝටලයක නාන කාමරයේ ටබ් එකක අහඹු ලෙස දියේ ගිලීමේ සිදුවීම ග්‍රැෆ්ක් සහ එය අවස්ථාව හෝටල් කාමරයක් තුළ යළි රඟ දක්වමින් පුවත් මැවීම සම්බන්ධයෙන් මෙසේ විවේචන එල්ල වෙමින් පවතින බව කියැවෙයි.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් යම් සැක සංකා මතු වුවත්, ඇයගේ ආදාහනයවත් සිදුවීමට පෙර ඉන්දියාවේ ඇතැම් නාලිකා සමාජජාල තුළ මේ පිළිබඳ ඔවුන්ගේම න්‍යායන් ඉදිරිපත් කරමින් සිටින බවද කියයි.
එක් නාලිකාවක මෙම පුවත වාර්තා කරන නිවේදකයා මයික්‍රෆෝනය සමග නාන ටබ් එකක බැස එය විස්තර කිරීමද එවැනි විවේචනයට බඳුන් වූ අවස්ථාවකි.
මේ තත්ත්වය තුළ එරට ඇතැම් මාධ්‍යවල මෙම පහත් හැසිරීම බොහෝ රසික රසිකාවියන්ගේ දැඩි විවේචනයට හා හෙලා දැකීමට ලක්වන බව වැඩිදුරටත් කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



