වොක්ස්වැගන් ඩීසල් විමෝචන සිද්ධිය ගැන චොදනා ගොනුවේ
ඩීසල් මෝටර් රථවල වායු විමෝචනය සම්බන්ධ පරීක්ෂණවලදී වංචා කළේ යැයි චෝදනා ලැබූ වොක්ස්වැගන් සමාගම වෙනුවෙන්, එහි හිටපු ප්රධාන විධායක නිලධාරියාවරයාට චෝදනා ගොනුවී තිබේ.
එම සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී මාර්ටින් වින්ටර්කෝන් වෙත මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඩෙට්රොයිට් ප්රාන්තයේ අභිචෝදකයන් විසිනි.
පසුගිය මාර්තු මාසයේදී ගොනුකර තිබූ මෙම චෝදනා මේ ආකාරයෙන් හෙළිදරව්වීම ඊයේ (03දා) දිනයේදී සිදුවූ අතර, වින්ටර්කෝන්ට අමතරව, එම සමාගමේ තවත් විධායකයන් පිරිසක් වෙතද චෝදනා එල්ල වී ඇත.
තමන් ඇමෙරිකාවේදී සිදුවන පරීක්ෂණ වෙත සහාය දක්වන බව පවසන වොක්ස්වැගන් සමාගම, මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම ඉදිරියේදී සිදුකරන බවද පවසා තිබේ.
70 වැනි වියෙහි පසුවන වින්ටර්කෝන් 2015 සැප්තැම්බර් මාසයේදී හෙළිදරව්වූ මෙම ඩීසල් විමෝචන සිදුවීම හෙළිවීමත් සමග සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



