විවාදයට තුඩුදුන් රාජකීය මුද්දක් වෙන්දේසි වෙයි
18 වැනි සියවසේ ඉන්දියාවේ වාසය කළ රාජකීයයෙකුට අයත් වටිනා මුදුවක් බ්‍රිතාන්‍යයේදී වෙන්දේසි වූ බව වාර්තා වෙයි.
මෙම මුදුව විවාදයට තුඩුදුන් මුදුවක් ලෙස සැලකෙන්නේ මුස්ලිම් රාජකීයයෙකුට අයත් වුවත්, එහි හින්දු දෙවියෙකු වන රාමාගේ නම කොටා තිබීම නිසාය.
ක්‍රිස්ටීස් වෙන්දේසිකරුවන් විසින් ස්ටර්ලිං පවුම් 145,000කට වෙන්දේසි කළ මෙම මුදුව තීපු සුල්තාන් නමැති මුස්ලිම් රජකීයෙකුගේ මුදුවක් බව කියැවෙයි.
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව සටන් වැදි රාජකීයයෙකු වන ඔහු සටනේදී මියගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ජෙනරාල්වරයා අතට මෙම මුදුව පත්ව ඇති බව කියැවෙයි.
ග්‍රෑම් 41.2ක් බර මෙම රන් මුදුව එය තක්සේරු වටිනාකමට වඩා දස ගුණයක් වැඩියෙන් වෙන්දේසි වී ඇති අතර, එය මිලදී ගත් තැනැත්තා හඳුන්වාදී නැත.
මෙම මුදුව අයත්ව තිබූ රාජකීයයා හින්දූන් කෙරෙහි දයාව දැක්වූවෙකු බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

