විදේශිකයන්ට දරුවන් ලබාදීම ඉතියෝපියාව තහනම් කරයි
විදේශිකයන් විසින් සිය රටේ දරුවන් හදා වඩා ගැනීම සඳහා ලබාගැනීම තහනම් කිරීමට ඉතියෝපියාව කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම මෙසේ හදාවඩා ගැනීමට ගන්නා දරුවන් රැසක් විවිධ අතවරයන්ට මෙන්ම නොසලකා හැරීම්වලට ලක්වන බවට ලැබෙන තොරතුරු මත මෙම තීරණයට පැමිණි බව ඉතියෝපියාව පවසයි.
ඇමෙරිකානුවන් විසින් ජාත්‍යන්තර වශයෙන් දරුවන් හදාවඩා ගැනීමට ලබාගන්නා රටවල් අතර ඉතියෝපියාව පෙරමුණේ සිටි අතර, එය ප්‍රතිශතයක් ලෙස 20%කි.
සුපරි තාරකා යුවළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලීද මෙසේ ඉතියෝපියාවෙන් දරුවෙකු හදාවඩා ගැනීමට ගත්තවුන් අතර වෙති.
කෙසේ වෙතත්, මෙසේ හදාවඩා ගැනීමට ගත් ඉතියෝපියානු ගැහැණු දරුවෙකු මරාදැමීම සම්බන්ධයෙන් ඇමෙරිකානු යුවළක් 2013 වසරේදී වැරදිකරුවන් බවට පත්විය.
මෙම සිදුවීම දරුවන් මෙසේ විදේශයන් හි දරුකමට හදාවඩා ගැනීමට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කතාබහක් ඇති කර තිබුණු අතර, ඉතියෝපියාව මෙවැනි සිදුවීම් පිළිබඳව දිගින් දිගටම අවධානය යොමුකර අවසානයේදී මෙම නිගමනයට පැමිණ තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


