ව්‍යාජ ඒජන්සියක් පවත්වාගෙන ගිය විලාසිතා නිර්මාණ ශිල්පිනිය වසර 18ක සිර දඬුවමකට යටත්
ඉන්දුනීසියාවේ වඩාත් ප්‍රකට හිජාබ් විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන අනීසා හසිබුවාන් සහ ඇගේ සැමියා විදේශ සංචාර ඒජන්සියක් හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව තිබේ.
නිව්යෝක් විලාසිතා සතිය තුළ හිජාබ් විලාසිතා නිර්මාණ තුළින් ලෝකයේ අවධානය දිනාගත් ඇය සිය සැමියා වූ අන්දීක් සුරාච්මන් සමග එක්ව මෙම සංචාරක ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇත.
එහිදී, මක්කම වෙත සංචාරයන් සංවිධානය කරන මුවාවෙන් ඔවුන් ඇ.ඩො.මිලියන 60ක මුදලක් වංචා කර ඇති බව ඔවුන්ට එරෙහිව චෝදනාවල සඳහන් විය.
එහිදී, ඔවුන් සංචාරකයන්ගෙන් මුදල් ලබාගත්තද, කිසිදු සංචාරයක් සිදුකර නොමැති බවත් කියැවෙයි.
නිව්යෝක් විලාසිතා සතියට අමතරව, ලන්ඩන්, ඉස්තාම්බුල් සහ කෑන්ස් විලාසිතා සංදර්ශනවල ඉස්ලාමීය සුඛෝපභෝගී විලාසිතාවන්ගේ නමක් දිනා සිටි හසිබුවාන් සහ ඇගේ සැමියා අධිකරණය හමුවේ වැරදිකරුවන් බවට පත්ව වසර 18ක සිර දඬුවමකට යටත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



