ලෝක සාක්ෂරතාව අතින් කාන්තාව පිරිමියාට පසුබසී
ලෝකයේ සාක්ෂරතාව සලකා බැලීමේදී පුරුෂ පක්ෂයට වඩා කාන්තා පාර්ශ්වය පසුපසින් සිටින බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එම වාර්තාවට අනුව ලෝකයේ කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට අකුරු ලිවීමේ හෝ කියවීමේ හැකියාව නොමැත.
එය ගණනින් හතලිස් හත් කෝටි අනූ ලක්ෂයක් වන අතර, ස්ත්‍රී පුරුෂ සාක්ෂරතා වෙනස දශක කිහිපයක සිට මේ ආකාරයෙන් ඉහළ අගයක් ගන්නා බවද සඳහන් වේ.
මීට පාසල් අධ්‍යාපනය බෙහෙවින් බලපාන අතර, පුරුෂ පක්ෂයට වඩා කාන්තා පාර්ශ්වය පාසල් අධ්‍යාපනයට යොමු නොකිරීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
විශේෂයෙන් ලෝකයේ මුස්ලිම් ජන සමාජය තුළ කාන්තාවට මෙම අයිතිවාසිකම බොහෝ සෙයින් සීමා කර ඇති බවද සඳහන් වේ.
ඒ අනුව, මෙම අධ්‍යයන වාර්තාවට අනුව එක්කොටි පනස් ලක්ෂයක ප්‍රාථමික වයසේ දැරියන් කිසිදානක පාසල් අධ්‍යාපනයක් ලබා නොමැති වන අතර, මින් අඩකට වැඩි පිරිසක් උප සහරා අප්‍රිකානු කලාපයට අයත් වන බවද කියැවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


