රුසියානුවන් 19දෙනෙකුට ඇමෙරිකාවෙන් සම්බාධක
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙත අතපෙවීම හා සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියානුවන් 19 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ රුසියානු හිටපු ඔත්තුකරුවෙකු හා ඔහුගේ දියණිය වෙත විෂ රසායනික ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා කරමින් රුසියානු රාජතාන්ත්‍රිකයන් පිරිසක් රටින් පිටුවල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයෙන් පසුව ඒ අනුව යමින් ඇමෙරිකාවද මෙම තීරණය ගෙන තිබීමද විශේෂත්වයකි.
ඇමෙරිකාව සම්බාධක පැනවූ රුසියානුවන් අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශක රොබට් මුලර් චෝදනා ගොනුකළ 13 දෙනෙකුද ඇතුළත් බව කියැවෙයි.
මේ අතර, ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මියුචින් අදහස් දක්වමින් රුසියානුවන්ගේ සයිබර් ප්‍රහාර මෙන්ම, අතිශය සංවේදී යටිතල පහසුකම් ඉල්කක කෙරෙන අනවසර අතපෙවීම් සම්බන්ධයෙන් චෝදනා කළේය.
රුසියාව විසින් මේ වනවිටත් සිදුකරන සාහසික ප්‍රහාර මෙම සම්බාධක පැනවීමට හේතුවක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


