රියදුරු නොමැති භාණ්ඩ බෙදා හැරීමකට අලිබබා බොට් එයි
චීනයේ ඉ-වාණිජ ක්ෂේත්රයේ දැවැන්ත සමාගම වන අලිබබා සමාගම විසින් විශේෂ ස්වයංක්‍රීය රථයක් බොට් යන්ත්‍රයක් හඳුන්වාදීම පසුගියදා සිදුවිය.
භාණ්ඩ බෙදාහැරීමේ කුරියර් රථයක් ලෙස මෙන්ම, කෝපි වෙළෙඳ සැලක් ලෙස ආදී වශයෙන් විවිධ වූ කාර්යයන් රැසකට යොදාගත හැකි නිෂ්පාදනයක් ලෙස මෙය ඔවුන් හඳුන්වයි.
කයිනියාඕ ජී ප්ලස් යනුවෙන් නම් කර ඇති මෙම බොට් රථය පැයට සැතපුම් 9ක වේගයෙන් ධාවනය කළ හැකි බවද පෙන්වා දෙයි.
අලිබබා නිර්මාතෘ ජැක් මා සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවදී මෙම නිර්මාණය හඳුන්වාදීම සිදුවූ අතර, එම සමුළුවේදී ස්මාට් ලොජිස්ටික් හෙවත් නූතන බෙදාහැරීම් ක්‍රියාවලියක් වෙනුවෙන් වූ ඇ.ඩො.බිලියන 15.5ක ආයෝජනය සම්බන්ධයෙන්ද ජැක් මා අනාවරණයක් කළේය.
මෙම ආයෝජනය ව්‍යාපෘතිය යටතේ විශාල ගබඩා සංකීර්ණවලට යොදාගන්නා රොබෝ යන්ත්‍රවල සිට බෙදාහැරීම් සහායකයන් දක්වා විවිධ උපකරණ පිළිබඳ නව සොයාගැනීම් නිර්මාණය වනු ඇති බව කියැවෙයි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් නව නිර්මාණ කිරීම සඳහා චීනය මේ වනවිට දැවැන්ත වෑයමක් හා උනන්දුවක් දක්වන බව නොරහසකි.
ඔවුන් වර්ෂ 2030 වනවිට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අභිභවා යෑමට දැනටමත් පිඹුරුපත් සකස් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



