රාහුල් ගාන්ධිට මෝදිගේ ගමෙන් ගල් මුල් පූජාවක්
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට ගිය කොංග්රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි ගමන් ගත් රථ පෙළට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන බලකොටුව ලෙස සැලකෙන ගුජරාට් ප්‍රාන්තයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ගුජරාට් යනු භාරතීය ජනතා පක්ෂයේ පාක්ෂිකයන් බහුතරයක් වෙසෙන ප්‍රාන්තයකි.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රජීව් ගාන්ධි මහතාගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධිට වෙඩි නොවදින රථයකින් ගමන් කරන ලෙස ආරක්ෂක උපදෙස් ලැබී තිබුණද, ඔහු මෙම සංචාරයේදී සාමාන්‍ය වාහනයක ගමන් කර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, එම ගල් මුල් ප්‍රහාරයෙන් ඔහු ගමන්ගත් රථයට දැඩි අලාභානි සිදුව ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාහුල් ගාන්ධි පවසා තිබුණේ මෙවැනි පහත් පෙළේ ක්‍රියාවකින් තම ජනතා සේවය නවතාලීමට කිසිවෙකුට අවස්ථාවක් හිමි නොවන බවයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

