රඛයින් පළාතේ ආරක්ෂක අංශ වෙත බෝම්බ ප්රහාර
මියන්මාරයේ විවාදයට තුඩුදී ඇති රඛයින් පළාතේ අගනගරය ලෙස සැලකෙන සිට්වේ නගරයේ බෝම්බ තුනක් පුපුරාගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම බෝම්බ ප්රහාරයන්ගෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූවත් ජීවිත හානියක් වාර්තා නොවන බව සඳහන් වේ.
බෝම්බ ප්රහාර පිටුපස කවුරුන් සිටින්නේද යන්න පැහැදිලි නැතත්, රඛයින් පළාතේ වෙසෙන ඉස්ලාමීය අන්තවාදීන් පසුගිය කාලය පුරාවට එරට ආරක්ෂක අංශ ඉලක්ක කර ප්රහාර දියත් කළ බව නොරහසක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රඛයින් පළාතේ වෙසෙන රොහින්ග්යා මුස්ලිම් ප්රජාව ආරක්ෂා කරගන්නා පිරිසක් ලෙස හඳුන්වන මෙම ත්රස්තයන් එම පළාතේ පොලිස් ස්ථාන හා මුරපොළ රැසක් වෙත එල්ල කළ ප්රහාර මාලාවක ප්රතිඵලයක් ලෙස එරට රොහින්ග්යා ත්රස්තවාදය පරාජයට පත්කිරීමට මියන්මාර රජය පසුගිය වසරේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.
මෙම මෙහෙයුම ලොව බොහෝ විදෙස් බලවේග රොහින්ග්යා මුස්ලිම් ප්රජාවට එරෙහිව ගෙනයන ප්රහාරයක් ලෙස දියාරු කර හැරීමට උත්සාහ කළේ එදා එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව ශ්රී ලංකාව ගෙනගිය මෙහෙයුම් අඩපණ කිරීමට දැරූ උත්සාහය මෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



