මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට
2008 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවර ඉලක්ක කරමින් ජීවිත 166ක් බිලිගත් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික පූජකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
එරට තුළ තහනමට ලක්ව ඇති ලක්ෂාර්-ඊ තයීබා සටන් කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන හෆීස් සයීඩ් නමැති මෙම පූජක තැනගේ හිස වෙනුවෙන් ඇ.ඩො.මිලියන 10ක ත්‍යාගයක් ලබාදීමටද ඇමෙරිකාව මීට පෙර නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ නගර කිහිපයක විරෝධතා රැළි පැවැත්වී ඇති බවද කියයි. මොහු අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රහාරයේ වගකීමෙන් තමන් නිදොස් බව පවසා සිටියේය.
කෙසේ වෙතත්, ඉන්දියාව හා ඇමෙරිකාව නිරන්තරයෙන් කියා සිටියේ වෙඩි ප්‍රහාර හා බෝම්බ ප්‍රහාර එල්ල කළ මුම්බායි ප්‍රහාරය සැලසුම් කිරීමට මොහු උදව් කළ බවයි.
ඒ අනුව, මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාව විසින් පාකිස්තාන රජයට බලකර ඇති බවටද මොහුගේ අනුගාමිකයන් චෝදනා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

