මී මිත්තනියගේ නිදහස පතා කිම් කාඩාෂියන් ට්‍රම්ප් ළඟ
කිම් කඩාෂියන් සිය 63 හැවිරිදි මී මිත්තනිය මේ වනවිට ගෙවන සිර දඬුවමට ජනාධිපති සමාවක් ගැනීම සඳහා අද (31දා) ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලිකව හමුවී තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදක් හේතුවෙන් ඇලිස් මාරියා ජොන්සන් නමැති කිම්ගේ මී මිත්තනිය මේ වනවිටත් වසර 20ක සිර දඬුවමක් බුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ජනපති ට්‍රම්ප්ගේ බෑණ නුවන් වූ ජෙරාජ් කුෂ්නර් ද පසුගිය මාස කිහිපය පුරා ඇය නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ කටයුතු ගැන කිම් සමග සාකච්ඡා කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.
කිම්ගේ හමුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ට්‍රම්ප් පවසා ඇත්තේ ඔවුන් අතර අතිශය සුවිශේෂී හමුවීමක් සිදුවූ බවයි.
කිම් කාඩාෂියන් යනු ජනප්‍රිය ගායක කෙනී වෙස්ට්ගේ බිරිඳයි. එමෙන්ම, නිරූපණ හා රියැලිටි ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් වන ඇය, සිය දේහ විලාසය හා ඒ හා බැඳුනු විලාසිතා සම්බන්ධයෙන් ලොව පුරා රසික පිරිසක් වසඟයට ගත් චරිතයක් ලෙසද ප්රකටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







