ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
මැලේසියාවේ වඩාත් බලගතුම සුල්තාන්වරයෙකුගේ දියණියක වන ටුන්කූ ටුන් අමීනාහ් සුල්තාන් ඊබ්‍රාහිම් කුමරිය අතිශය චමත්කාරජනක විවාහ මංගල උත්සවයක් සමග සිය නෙදර්ලන්ත ජාතික ආදරවන්තයා සමග යුග දිවියට එක්ව තිබේ.
31 වැනි වියෙහි පසුවන අමීනාහ්, ජොහෝර් සුල්තාන්වරයාගේ එකම දියණිය වන අතර, ඇය අත ගත් නෙදර්ලන්ත ජාතිකයා 28 හැවිරිදි ඩෙනිස් මුහම්මද් අබ්දුල්ලාහ් වසර 3ක පමණ කාලයක් ඇය සමග පෙමින් සිටි බව සඳහන් වෙයි.
කුමරිය සමග විවාහ වූ ඩෙනිස් මුස්ලිම් ආගම වැළඳ ගැනීමෙන් පසුව ඔවුන්ගේ විවාහයට අවසරය හිමිව තිබූ අතර, එම විවාහ චාරිත්‍ර සියල්ලම මුස්ලිම් මැලේ චාරිත්‍රානුකූලව පවත්වා තිබුණේ දකුණුදිග ජොහෝර් බහ්රූ නගරයේ වූ අතිශය සුන්දර රාජකීය මාලිගයේදීය.
මනාලයා සාම්ප්‍රදායික මැලේ ඇඳුමකින් සැරසී සිටි අතර, කුමරිය ධවල වර්ණයෙන් යුතු ගවුමකින් සැරසී විවාහ චාරිත්‍රවලට පැමිණ සිටියහ. එහිදී, සිය බිරිඳගේ අතට මංගල මුදුව පැළඳීම රාජකීය මාලිගයේ විශේෂ කාමරයක සිදුවූ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, යුරෝපීය සම්භවයක් ඇත්තෙකු සමග සිදුවූ මෙම විවාහය තුළ යුරෝපීය සම්ප්‍රදායන් මෙන්ම, ඇඳුම් ආයිත්තම්ද වරින් වර ඉස්මතු වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd