මාර්කෙල්ගේ තීරණාත්මක ජර්මානු මැතිවරණය ඇරඹේ
- 24 09 2017
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජර්මානු නායිකා ඇන්ජෙලා මාර්කෙල්ගේ අනාගතය තීරණය වන තීරණාත්මක මැතිවරණයක් වන ජර්මානු ෆෙඩරල් මැතිවරණය අද (24දා) පැවැත්වෙයි.
ජර්මානු චාන්සලර් ලෙස සිව්වැනි වතාවටත් බලයේ රැඳී සිටීමේ උත්සාහයත්, ඇගේ ක්රිස්තියානි ප්රජාතාන්ත්රික පක්ෂය (සී.ඩී.යූ) එරට බහුතර බලය හිමි පක්ෂය ලෙස ස්ථාවර කරගැනීමත් මෙහි ප්රතිඵලය කියා පානු ඇත.
ඒ අනුව, සී.ඩී.යූ ඒකාබද්ධ සන්ධානය සමග එරට ප්රධාන විපක්ෂය වන එස්.පී.ඩී. පක්ෂය තරගයක් ලබාදීමට සූදානමින් සිටියි.
ජර්මානු වේලාවෙන් උදෑසන 8.00 ආරම්භ වූ ඡන්දය ප්රකාශ කිරීම, සවස 6.00 දක්වා පැවැත්වෙන බව එරට මැතිවරණ බලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

