ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුට ගෞරව දැක්වීම සඳහා එරට ජනතාව දහස් ගණනින් වීදි කරා පැමිණීම මෙන්ම, එරට අන්තර්ජාල හා සමාජ ජාල භරහාද රජු සිහිපත් කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.
විශේෂයෙන්ම මේ ශෝකී මෙහොතේ එරට ජනතාව කළු වර්ණයෙන් සැරසී සිටින විට, තායිලන්තයේ අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියල්ලම පාහේ සුදු හා කළු වර්ණයට පමණක් සීමා වී ඇත.
බොහෝ දෙනෙකු රජු පිළිබඳ මතකය සිහි කැඳවමින්, සිය අසහාය නායකයා පිළිබඳ සමාජජාල තුළ බොහෝ කතාබහ අරඹා ඇති අතර, රජු වෙනුවෙන් නිර්මාණය කෙරුණු විවිධ නිර්මාණ වේගයෙන් සමාජජාල හරහා හුවමාරු වෙමින් පැවතීමද දැකිය හැකිය.
විශේෂයෙන්ම තායිලන්ත ගූගල් වෙබ් බ්‍රවුසරයේ ගූගල් සන්නාමයද කළු වර්ණය ගනිද්දී, බැංකොක් පෝස්ට්, ද නේෂන් ආදී පුවත් වෙබ් අඩවි කළු සුදු වර්ණවලින් පමණක් සැරසුණි.
එමෙන්ම, සමාජජාල භාවිත කරන බොහෝ දෙනෙකු තම ප්‍රොෆයිල් ඡායාරූපය කළු සුදු කර තිබීමද එරට ජන ජීවිතය කෙරෙහි භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ අභාවය කොතරම් තදින් දැනී ඇතිදැයි යන්න මොනවාට පැහැදිලි කරන්නකි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd