බොලිවුඩ් නළු විනෝද් ඛන්නා දිවියෙන් සමුගනී
- 27 04 2017
- 17:59
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
බොලිවුඩයේ ජනප්රිය නළුවෙකු වූ විනෝද් ඛන්නා අවුරුදු 70ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු ඉන්දියාවේ සක්රීය දේශපාලනයේද නිරත වූ අයෙකි.
ඉන්දීය වාර්තාවන්ට අනුව මෙම මස මුලදී රෝහල්ගත කළ ඔහු, සිය රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොලිවුඩ් චිත්රපට 100කට වඩා වැඩි ප්රමාණයකට ඔහු සිය දායකත්වය දක්වා ඇති අතර, එරට පාර්ලිමේන්තුවටද සිව් වරක් තේරීපත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
