බිහාර් ප්‍රාන්තයේ විභාග ශාලාවට සපත්තු මේස් තහනම්
විභාග වංචා සිදුකිරීම වැළැක්වීමේ අරමුණින් බිහාර් ප්‍රාන්තයේ සිසු සිසුවියන්ට මේස් හෝ සපත්තු නොමැතිව විභාග ශාලාවට ඇතුළු විය යුතු බවට නීතියක් පනවා තිබේ.
නැගෙනහිර පළාත් බිහාර් ප්‍රාන්ත බලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇත්තේ බොහෝ විභාග අපේක්ෂකයන් පිළිතුරු සහිත කොළ කැබලි සිය මේස් සහ සපත්තු තුළ සඟවාගෙන විභාග ශාලාව වෙත පැමිණෙන බැවිනි.
පෙබරවාරි මස 21 වැනිදා සිට මෙම නීතිය ක්‍රියාත්මක වන අතර, දළ වශයෙන් මිලියන 1.8ක් පමණ වන 10 වැනි ශ්‍රේණියේ සිසුන් සිය අවසන් පාසල් විභාගයට මුහුණදීම මෙම කාලය තුළ සිදුවෙයි.
බිහාර් ප්‍රාන්තය පසුගිය කාලය පුරාවට විභාග වංචා සඳහා වඩාත් ප්‍රකට ප්‍රාන්තයක් වීම හේතුවෙන් මෙම නීති දැඩි කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මීට අමතරව, විභාග ශාලාවට පැමිණීමට පෙර සියලු සිසුන් පරීක්ෂාවට ලක් කිරීමටද, ඔවුන් විභාග ශාලාවේ පිළිතුරු සැපයීම වීඩියෝ මාර්ගයෙන් නිරීක්ෂණය කිරීමටද පියවර ගෙන ඇති බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


