බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් සාකච්ඡා යළිත්
බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ යුරෝපා සංගමයේ ප්‍රධාන නියෝජිතයන් පිරිසක් අතර විශේෂ බ්‍රෙක්සිට් සාකච්ඡාවක් පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
අගමැතිනිය යුරෝපා කොමිසමේ සභාපතිවරයා බ්‍රසල්ස් නුවරදී හමුවී ඇති අතර, මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවති බව අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.
විශේෂයෙන්ම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය වෙන්වීමේ බ්‍රෙක්සිට් සාකච්ඡාවලදී දෙපාර්ශ්වයටම අගතියක් නොවන ආකාරයෙන් එම කාර්යය සිදුකර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ වී තිබේ.
මෙහිදී නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය සූදානමින් සිටියත්, යුරෝපා සංගමය පෙන්වා දී ඇත්තේ සෙසු ගැටලු සම්බන්ධයෙන් වඩාත් සාධනීය එකඟතාවකට පැමිණීමෙන් පසුව වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා කළ හැකි බවයි.
බ්‍රිතාන්‍ය පසුගිය වසරේදී බ්‍රෙක්සිට් ජනමත විචාරණය පැවැත්වූ අතර, 2019 මාර්තු මාසයේදී නිල වශයෙන් ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම දෙපාර්ශ්වය අතර එකඟතාවන් තවමත් ප්රතිඵලදායී නොවන බව විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


