බ්‍රසීල ජනපතිට එරෙහිව ජනපති ගේට්ටුව ගලවයි
බ්‍රසීල ජනපති මයිකල් ටර්මර්ගේ නිල නිවස ඉදිරිපිට ගේට්ටුවේ හිතාමතා මෝටර් රථයක් හප්පමින් එම ගේට්ටුව ගලවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රසීලියා අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ ගේට්ටුව වෙත වේගයෙන් එන මෝටර් රථය නැවැත්වීමට එහි ආරක්ෂක අංශ මෝටර් රථය වෙත වෙඩි තබා තිබුණත්, එම තැනැත්තා රථය ගේට්ටුවේ හප්පා ඇත. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අල්ලස් චෝදනාවක් හේතුවෙන් එරට නීතිපතිවරයා විසින්ද චෝදනා ගොනුකර ඇති වත්මන් ජනාධිපතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙස පවතින ජනතා විරෝධයේ තවත් උච්චතම අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා එහි නොසිටි බවද සඳහන් වෙයි.
බ්‍රසීල මාධ්‍ය ජනාධිපති මන්දිරයේ ගේට්ටුව බිම වැටී ඇති ආකාරය හා වෙඩි තැබීම සිදුකළ උණ්ඩ කොපු කිහිපයක්ද විසිරී ඇති ඡායාරූපද පළ කර තිබුණි.
ජනාධිපතිවරයා එරට මස් පිරිසැකසුම් කර්මාන්ත ශාලාවකින් මිලියන ගණනක අල්ලසක් ලබාගැනීම සඳහා කටයුතු කර ඇති බව කියැවෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

