බ්රසල්ස් හිදී මියගිය ත්රස්ත සැකකරු හඳුනාගනී
- 16 03 2016
- 18:56
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
බෙල්ජියමේ බ්රසල්ස් අගනගරය ආශ්රිත ප්රතිත්රස්ත මෙහෙයුමේදී මියගිය ත්රස්ත සැකකරුවා ඇල්ජීරියානු ජාතික මොහොමඩ් බෙල්කෙයිඩ් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම මෙහෙයුම සිදුවන අවස්ථාවේදී මහල් ගොඩනැගිල්ලක සිට පොලීසිය වෙත වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී මෙම පුද්ගලයා වෙත පොලිස් ස්නයිපර් තුවක්කුකරුවන් විසින් වෙඩි තිබීමක් කර තිබේ.
මෙම මෙහෙයුමේදී බ්රසල්ස් පොලීසියේ කිහිප දෙනෙකුද තුවාල ලැබූ අතර, ප්රහාරයත් සමග පැනගිය ප්රධාන සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බවද පැවසෙයි.
පසුගිය වසරේ පැරිස් නුවර සිදුවූ පුද්ගල ජීවිත 130ක් විනාශ කළ ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදී ප්රහාරයට සම්බන්ධ අන්තවාදී ත්රස්තයන් සොයා මෙම මෙහෙයුම දියත් කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
