පෙරලුණු ඉන්ධන ලොරියේ තෙල්ගන්න ගිය 123ක් නසී
(UPDATE) පාකිස්තානයේ, අහ්මෙදාපූර් නැගෙනහිර නගරයට ආසන්නව ඉන්ධන පරවූ ලොරියක් පෙරළීමෙන් පසුව ඇති වූ ගින්නකින් පුද්ගලයන් 123 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්ධන පිරවූ ලොරිය පෙරළීමෙන් පසුව එහි ඉන්ධන එකතු කිරීමට විශාල පිරිසක් එක්රොක් වී ඇති අතර, එම අවස්ථාවේදී විශාල පිපිරුමක් සමග ලොරිය ගිනිගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම ගින්නෙන් කාර් හා යතුරුපැදි 12කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවී ඇති අතර, මියගිය පිරිසෙන් වැඩි කොටසක් ඔවුන්ගේ ඩී.එන්.ඒ.වලින් පමණක් හඳුනාගැනීමට සිදුවනු ඇති බවද කියැවෙයි.
පාකිස්තානයේ, අහ්මෙදාපූර් නගරයේදී ඉන්ධන පිරවූ ලොරියක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරට පත් ඉන්ධන පිරවූ ලොරියෙන් පිරිසක් ඉන්ධන එකතු කිරීමට යාමේදී එම ලොරිය පිපිරී ගිනිගැනීම හේතුවෙන් වැඩිදෙනා ගින්නට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදා දැඩි පරිශ්රමයක නිරත වන අතර, නිල නොලත් වාර්තා අනුව මෙම ලොරිය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් පෙරළී ඇති බවත්, පසුව එය ගින්නට හසුව ඇති බවත් සඳහන් වෙයි.
මෙම ගින්න හේතුවෙන් තවත් වාහන රැසක් ගිනගෙන ඇති අතර, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි. .jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

