පෘතුගාල වෙරළකට හදිසියේ ගොඩබට යානයකට ජීවිත 2ක් බිලි
පෘතුගාලයේ වෙරළ තීරයක් වෙත සැහැල්ල ගුවන් යානයක් සිදුකළ හදිසි ගොඩබෑමකදී පුද්ගලයෙකු හා කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලිස්බන් නගරයෙන් නිරිතදිග පිහිටි කපාරිකා හි සාඕ ජොආඕ වෙරළ තීරයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
පෘතුගාලයේ ජාතික නාවුක අධිකාරිය පවසන්නේ මෙම සැහැල්ලු ගුවන් යානය හදිසි ගොඩබෑම සිදුකරන අවස්ථාවේදී එම වෙරළේ සිටි මැදි වයසේ පුරුෂයාට සහ කුඩා ගැහැණු දරුවාට එම මාර්ගයෙන් ඉවත්වීමට අවස්ථාවක් නොලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, යානයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා නිරුපද්‍රිත දිවි ගලවාගෙන ඇති බවද සඳහන් වෙයි.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුනේ මෙම යානය වෙරළ තීරයේ ඉතා පහළින් ගමන් කළත් ඒ පිළිබඳ සැකයක් ඇති නොවූ බවයි.
කෙසේ වෙතත්, වෙරළේ සිටි පිරිස් එක්වරම දිව යෑමට පටන්ගැනීම නිසා යම් අනතුරක සේවායක් දිස්වු බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

