පිලිපීන බෝම්බ පිපිරීමට අබු සයේෆ් වගකිව යුතුයි
ජීවිත 14ක් බිලි ගනිමින් පිලිපීනයේ දවාඕ නගරයේ රාත්‍රී වෙළෙඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීම අබු සයේෆ් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහායක් බව එරට රජය කියයි.
පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ ගේ උපන් නගරය ලෙස සැලකෙන දවාඕ නගරයේ ඊයේ (02දා) සිදුවූ බෝම්බ පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයාද දවාඕ නගරයේ සිට ඇති අතර, සිද්ධියෙන් ඔහුට හානියක් වී නොමැත.
මෙය කාලයක් පුරා රට තුළ නීතියක් නොතිබීමෙන් ඇති වූ තත්ත්වයක් බව බෝම්බය පිපිරී ගිය ස්ථානය නිරීක්ෂණයට ගිය ජනාධිපතිවරයා පවසා සිටියේය.
මේ තත්ත්වය තුළ නගරයේ ආරක්ෂාවට අමතර හමුදා යෙදවීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
පසුගිය සති කිහිපය පුරා රජයේ හමුදා සමග සිදුවූ සටන්වලින් පසුව ඇති වූ පරාජයන් හමුවේ අබු සයේෆ් අන්තවාදීන් මෙම මෙම ප්‍රහාරය දියත් කර ඇති බව එරට ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

