පැරිස් ප්‍රහාරකයා දිගටම නිහඬයි - ඔහුගේ නීතීඥයෝ ඉවත්ව යති
ප්‍රංශයේ, පැරිස් නගරය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී එල්ල කළ අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් දෙදෙනා තවදුරටත් ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රංශ රූපවාහිනිය අමතමින් ෆ්රෑන්ක් බර්ටන් සහ ස්වෙන් මේරි යන නීතීඥයන් පවසා තිබණේ තම සේවාදායකයා වන සලේ අබ්දෙස්ලාම් විසින් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවය.
එමෙන්ම, ඔහුගේ මානසික තත්ත්වය පිරිහී ගොස් ඇති බව පෙනෙන්ට ඇති බවත්, නිහඬව සිටීමට ඇති අයිතිය වෙනුවෙන් ඔහු දිගටම කටයුතු කරනු ඇති බවද ඔවුහු පවසා සිටියහ.
කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ පැරිස් ප්‍රහාරයේදී මියගිය 130 පිළිබඳව සැලකිල්ලක් දක්වන අයට සත්‍ය දැනගැනීම පිළිබඳව ඇති අයිතිය සහ තේරුම් ගත නොහැකි තත්ත්වයන් අවබෝධ කර ගැනීමට ඇති අවස්ථාව මේ තුළින් අහිමි වී යා හැකි බවද එම නීතීඥයෝ පවසා සිටිති.
පැරීසියට නොවැම්බරයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසුව පළාගිය සලේ අබ්දෙස්ලාම් ඉන් මාස 04කට පසුව බෙල්ජියමේදී අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රංශයට භාරදීමෙන් පසුව ඔහු කිසිදු ප්‍රශ්න කිරීමක් හමුවේ පිළිතුරු දීමෙන් වැළකී සිට ඇති බවද විදෙස් වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

