පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු ප්‍රංශයට භාරදීම ගැන විරෝධයක් නැතිලු
පැරීසියට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවෙකු ලෙස සැලකෙන පසුගියදා බෙල්ජියමේදී අත්අඩංගුවට පත් සලේහ් අබ්දෙස්ලාම් ප්‍රංශයට භාරදීමට එරෙහිව ඔහුගේ නීතීඥයන් විරෝධතාවක් පළ කර නොමැති බව කියැවෙයි.
පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව පොලිස් ලුහු බැඳීම් හමුවේ පසුගිය සතියේදී බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරයේදී ඔහු අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් ඔහු තුවාල ලබා සිටියත්, බරපතල තත්ත්වයක් නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, පසුගිය අඟහරුවාදා බ්‍රසල්ස් නගරයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයද මොහුගේ අත්අඩංගුවට ගැනීම හා බැඳෙන්නක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.
ඔහුගේ නීතීඥයන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප්‍රංශය වෙත පිටුවහල් කිරීමෙන් පසුව ඔහු ප්‍රංශය වෙත සිය පාපොච්චාරණය සිදුකරනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

