පාකිස්ථාන බෝම්බ පිපිරීමක් - 22ක් මරුදකී 70ක් තුවාලයි
වයඹදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 70ක් තුවාල ලබා තිබේ.
ෂියා මුස්ලිම්වරුන් බහුතර ගැවසෙන පරාචිනාර් ප්‍රදේශයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් අසල මෙම පිපිරීම සිදුව ඇති අතර, මෙය ඇෆ්ගන් දේශසීමා ආසන්න නගරයක් ලෙස සැලකෙයි.
සිකුරාදා දේව මෙහෙය සඳහා මිනිසුන් සූදානම් වන අවස්ථාවේදී කාන්තාවන් දේවස්ථානයට ඇතුළුවන දොරටුව ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් පුපුරුවා හරිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
තුවාලකරුවන් ඉක්මණින් රෝහල්කරා ගෙනයෑම සඳහා පාකිස්ථාන හමුදාව හෙලිකොප්ටර් යානාවක්ද ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇත.
ප්‍රදේශයේ රෝහල් විසින් වහ වහා ලේ පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ වූ කඩ සාප්පු හා වාහනවලටද බරපතල හානි සිදුව ඇති අතර, අගමැති නවාස් ෂෙරීෆ් මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.
සුන්නි ඉස්ලාම් අන්තවාදී තලේබාන්වරු මෙම ප්‍රහාරය පසුපස සිටින බව විශ්වාස කෙරෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

