ප්‍රහාරක යානා කම්හලක් ඉන්දියාවේ හදන්න යයි
තම රට තුළ ප්‍රහාරක යානා නිෂ්පාදනය කිරීම සඳහා යම් රටක් කැමැත්තක් දක්වන්නේ නම්, ප්‍රහාරක ගුවන් යානා 200ක් මිලදී ගැනීමට සූදානම් බව ඉන්දියාව පවසා තිබේ.
ඉන්දියාව දේශීය හවුල්කරුවෙකු සමග ඉන්දියාව තුළම ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹන තුරු, විදේශීය නිෂ්පාදකයෙකු වෙත නැඹුරුවක් ලබමින් මෙවැනි ආරම්භයක් ගැනීමට ඉන්දියාව සැරසෙයි.
විශේෂයෙන්ම ප්‍රංශය ආදී ප්‍රහාරක යානා නිෂ්පාදන රටවල් වෙත මෙම ඇරයුම සිදුව ඇති අතර, මෝදි පාලන රට තුළම ප්‍රහාරක යානා නිෂ්පාදනය ඉලක්ක කර තිබේ.
මෙවැනි යානා සෘජුවම විදේශයකින් මිලදී ගැනීමේදී රටේ ධනය විශාල වශයෙන් විදේශයන්ට ගලායෑම වැළැක්විය යුතු බව මෝදි පාලනය පවසා ඇති අතර, ඒ අනුව මෙසේ විදේශීය සමාගම් වෙත සිය රට තුළ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවන ලෙසට ඇරයුම් කර ඇත.
මෙය ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය ඉන්දියාව වෙත ලබාගැනීමේ වඩාත් ප්‍රබල සාධකයක් ලෙසද ඉන්දියානුවෝ සලකති. ඒ අනුව, මෙවැනි නිෂ්පාදන ආයතනයක කැමැත්ත ලැබෙන තුරු බලාසිටින බවද එරට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

